Colombo Today Local News

අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? කෙස් කෙලින් වෙන හෙළිදරව්ව මෙන්න( Video)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඇමෙරිකාව සමග  SOFA (A status of forces agreement) නම් දේශද්‍රෝහී ගිවිසුම අත්සන් කර ඇති බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද(16) ජාතික සමතා බලවේගය කොළඹදී කැදවාතිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම ගිවිසුමට අනුව ත්‍රස්තවාදයට එරෙහිව අමෙරිකානු කඳවුරක් ස්ථාපිත කිරීමට රජය විසින් ඉඩ ලබා දීම හේතුවෙන්  ශ්‍රී ලංකාව අමෙරිකානු විසා සහන වැඩසටහනටද  ඇතුළු කර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවත් විසා සහන වැඩසටහනට ඇතුළත් කළ බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි.

මෙම විසා සහන වැඩ සටහන යටතේ ශ්‍රී ලංකිකයෙකුට දින 180ක විසා සහනයක් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබාදීමට පියවර ගෙන ඇති බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා වැඩදුරටත් පැවසීය.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට ඇමෙරිකානු හමුදාවන්ට අවසර හිමි වන අතර, ඉන්පසුව ඔවුන් රැගෙන එන භාණ්ඩ පරීක්ෂා කිරීමට පවා ශ්‍රී ලංකා රේගුවට බලයක් හිමි  නොවන බවද වීරසේකර මහතා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව පිහිටීම අතින් සහ ස්වභාවික සම්පත් අතින් මුලු ලෝකයේම අවදානය දිනා ගත් රටක් වන අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලය තහවුරු කර ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බොහෝ කාලයක සිට උත්සාහ කරමින් සිටින බවද ඔහු සදහන්කර සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම , අනුරාධා යහම්පත් ඇතුළු ජාතික සමතා බලවේගයේ නියමුවන් සහභාගී වී සිටියහ.

lankaleadnews.com

Related posts

ජනාධිපති බැදුම්කර කොමිෂන් සභා වාර්තාව දැන් අන්තර්ජාලයේ

colombotoday

“ශ්‍රීපාදයේ මගේ හෝටල් නෑ.. මගේ ඉඩම් හම්බන්තොට“ – බැසිල්

colombotoday

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

colombotoday

කැබිනට් අමාත්‍යාංශ වලට නව ලේකම්වරු 23ක්.

colombotoday

ජනපති කැබිනට් රැස්වීම වර්ජනය කරයි…

colombotoday

වර්ග කිලෝමීටර් 26 ක් පුරා විහිදී ඇති යකඩ නිධියක් බුත්තලින් සොයා ගැනේ

colombotoday