Colombo Today Sports News

අයි.සී.සී. සභාපති ධුරයට ගංගුලි සුදුසු බව සංගක්කාර කියයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අයි.සී.සී. සභාපති ධුරය සඳහා සෞරව් ගංගුලිට සහාය දී ඇති අතර, ගංගුලිගේ “දක්ෂ ක්‍රිකට් මොළය” සහ පරිපාලකයෙකු ලෙස ඔහු ලද අත්දැකීම් අයි.සී.සී. සභාපති ධුරය සඳහා “ඉතා සුදුසු” අපේක්ෂකයෙකු බවට පත් කර තිබේ. යැයි ඉන්දියා ටුඩේ ’පුවත්පතට පවසා ඇත..

තමා ගංගුලිගේ විශාල රසිකයෙක් බව පිළිගත් සංගක්කාර, හිටපු ඉන්දීය නායකයාට ජාත්‍යන්තර මානසිකත්වයක් ඇති අතර එය වැදගත් ස්ථානයක අපක්ෂපාතීව සිටීමට අවශ්‍ය බව ද සඳහන් කර ඇත.

හිටපු දකුණු අප්‍රිකානු නායක හා දකුණු අප්‍රිකාවේ (සීඑස්ඒ) ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් ද ගංගුලිට සහාය ලබා දී තිබේ.

කෙසේ වෙතත් ගංගුලි, මෑතකදී කියා සිටියේ, අයිසීසී කාර්යභාරය භාර ගැනීමට තමා ඉක්මන් නොවන බවයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය අත්හිටුවයි.

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකයෙන් සනත් ජයසූරියට චෝදනා

colombotoday

මළල ක්‍රීඩාව නංවන්න සුසන්තිකා පදනම දමයි

colombotoday

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

ටෝකියෝ ඔලිම්පික් සැණකෙළිය අද ඇරඹේ

colombotoday