Business

ආර්ථික ඔස්තාර්ලා සිටිද්දී රුපියල 3.8% කින් පිරිහිලා

ගිය වර්ෂයේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව සියයට 3.8 කින් පිරිහීමට ලක්‌ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‌ෂ ආචාර්ය යූතිකා ඉන්ද්‍රරත්න මහත්මිය කීවාය.

පසුගිය (08 දා) මහ බැංකු මූලස්‌ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ අදහස්‌ දක්‌වමින් ඇය මේ බව කීවාය. මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

එසේම මේ වසරේ (2017) පෙබරවාරි 07 වැනි දින දක්‌වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්‌ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6 කින් පිරිහී ඇතැයි ද ඇය කීවාය.

2016 වසරේදී රුපියල ජපන් යෙන් මුදලට සාපේක්‌ෂව සියයට 7 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්‌ෂව සියයට 1.7 කින් ද පිරිහීමට ලක්‌ව තිබේ. ඉකුත් ජනවාරි මස අග වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 කට සීමා වී ඇති බව ද ඇය මාධ්‍යවේදීන් හමුවේ සිදු කළ ඉදිරිපත් කිරීමේ දැක්‌වේ.

මේ ප්‍රවෘත්ති සාකච්ඡාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි, නියෝජ්‍ය අධිපතිවරුන් වන ආචාර්ය නන්දලාල් වීරසිංහ, පී. සමරසිරි සහ එස්‌. ලංකාතිලක යන මහත්වරු ද සහභාගි වී සිටියහ.

Related posts

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්

colombotoday

වැඩිමිලට අන්තර්ජාලයෙන් භාණ්ඩ අලෙවි කළ ආයතනයකට නඩු

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

GOOGLE ලූන් පළමු බැලූනය දැන් ශ්‍රී ලංකා ගුවනේ

colombotoday

රුපියලේ අගය තවදුරටත් පහතට

colombotoday