
උදෑසන 7යි 30 සහ පස්වරු 1යි 30 දක්වා පාසල් පැවැත්වෙන වේලාව තුල පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රීකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ දිනයේදී තමන් අත්සන් තැබූ බවයි කුරුණෑගල මහපිටිය සරණංකර සංඝරාජ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය වරයා කියා සිටියේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com