Colombo Today Local News

උප්පැන්නෙන් ජනවර්ගය ඉවත් කිරීමට විමල්ගේ විරෝධය

උප්පැන්න ලියාපදිංචි කිරීමේ දී ජනවර්ගය ඉවත් කිරීමට කටයුතු නොකරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව උප්පැන්න සහතික වල ‘ජන වර්ගය’ ඉවත් කර ඒ වෙනුවට ‘ශ්‍රී ලාංකික’ යනුවෙන් සටහන් කිරීමට තීරණය කල බවට රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයා කල ප‍්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කළ බවත් අගමැතිවරයා එහිදීම අමාත්‍යාංශ ලේකම්වරයාට දුරකථනයෙන් අමතා එවැනි තීරණයක් ගෙන ඇත්නම් වහාම අත්හිටුවන ලෙස පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම තීන්දුව තීරණය ගෙන ඇත්තේ 2018 වසරේ පැවති යහපාලන රජය විසින් වන අතර එවකට හිටපු ඇමතිවරයෙකු වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රසිද්ධියේ උත්සවයක් අමතමින් සඳහන් කර ඇත.

Related posts

ඊයේ ගෑස් කාන්දුවීම් ආශ්‍රිත පිපිරීම් 21ක්.

colombotoday

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

colombotoday

“ශ්‍රී ලංකාව කියා රටක් නෑ.. මෙහි නියම නම ඊළමයි” – විග්නේෂ්වරන් කියයි

colombotoday

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

නිදහස් කරන්න අවශ්‍ය කටයුතු රජය කරනවා.. තව ටිකක් ඉවසන්න – සුමන්තිරන් කොටි සැකකරුවන්ට කියයි

colombotoday

IMF සමග සාකච්ඡා අද අමෙරිකාවේදී..

colombotoday