Colombo Today Local News

කිරිඳිවැල මාළු වෙළෙන්දෙකුටත් කොරෝනා

කිරිඳිවැල කුට්ටිගල ප්‍රදේශයේ මාළු වෙළෙන්දෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසදනය වී තිබේ.

දොම්පේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ බණ්ඩාරනායක මහතා පවසන්නේ, මාළු වෙළෙන්දාගේ ආශ්‍රිතයන් 80 කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමු කළ බවය.

එම මාළුවෙළෙන්දා කුට්ටිගල, රඳාවාන, මැද්දේගම්‍, බෝගහකුඹුර, කිරිඳිවැල සහ පැපිල්වෙල යන ප්‍රදේශවලට ද වෙළෙඳාම් කටයුතු සඳහා ගොස් තිබේ.

මේ අතර නිරෝධායන නීති උල්ළංඝණය කරමින් මාලිගාවත්තේ පැවැත් වූ අරාබි පාසලක ගුරුවරුන් දෙදෙනෙකු හා එහි සිසුන් 28 දෙනෙකු එම ස්ථානයේදීම නිරෝධායනය කර තිබේ.

පොලීසිය පැවසුවේ නිරෝධායන නීති කඩකළ එහි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බවය.

මේ අතර ජංගම කොවිඩ් පරීක්ෂණ රථයකින් මොරටුව ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී කාන්තාවකට වෛරසය ආසාදනය වී අතැයි අද හඳුනාගෙන තිබේ.

මොරටුව එගොඩඋයන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ, ඇය පසුගියදා දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී ඇති බවය.

ඒ අනුව, ඇගේ ආශ්‍රිතයන් 150 කගේ පී.සී.ආර්. පරීක්ෂණ මොරටුමුල්ල ශුද්ධ වූ පාවුළුතුමන්ගේ දේවස්ථානයේදී අද සිදුකෙරුණි.

මේ අතර කොළඹ 10 , හැටන් නැෂනල් බැංකු ගොඩනැගිල්ලේ දකුණු අන්තයේ 19 වැනි මහළේ සේවය කළ බැංකු නිලධාරියෙකුට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී තිබේ.

හැටන් නැෂනල් බැංකුව නිවේදනය කළේ, එම ආසාදිතයා සමඟ සේවය කළ පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර ළඟම ආශ්‍රිතයින්ට කඩිනමින් PCR පරික්ෂණ සිදුකරන බවය.

Related posts

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

ජනපති ලන්ඩනයේදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග විශේෂ සාකච්ඡා

colombotoday

“ජාතික ආරක්ෂාව තර්ජණයකට ලක්වෙලාද දැන්ම කියන්න බෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

හමුදාවේ එහෙම කණඩායම් සිටියානම් මුලින්ම අත්අඩංගුවට ගත යුත්තේ ෆොන්සේකාවයි

colombotoday

සිංගප්පුරුවේ නීතිරීති මෙරට ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කරන බව සජිත් කියයි

colombotoday