Colombo Today Local News

කුරුණෑගල ගොඩනැගිල්ල කඩා දැමීම ගැන නගරාධිපතිගෙන් ප‍්‍රශ්න කරයි

බුවනෙකබාහු රාජසභා මණ්ඩපයේ යැයි කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීමේ සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබේ.

ඔහු සහ තවත් පුද්ගලයන් විසි දෙනෙකුගෙන් පමණ මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇතැයිද වාර්තා වෙයි.

සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන ලද විමර්ශන වාර්තාව වැඩබලන පොලිස්පතිවරයා වෙත බාරදී ඇති බවත් සඳහන්ය.

පසුගිය විසි දෙවැනි දා නීතිපතිවරයා විසින් සිදුකරන ලද නියෝගයක් මත කුරුණෑගල නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුන්, නගර සභා නිලධාරීන් කිහිපදෙනෙකු හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගෙන් ද මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

Related posts

ලබන වසර මැදදී මෙගා වොට් 270ක හිඟයක්

colombotoday

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

Admin

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday

බුදු පිළිම වහන්සේ නමක් වැඩමවීමට දෙමල ජාතිකයන් විරුද්ධවූ මුලතිව් පුරාවිද්‍යා රක්ෂිතයට ඇතුළුවීම තහනම් කරයි

colombotoday

හොරට බඩු කිරා පාරිභෝගිකයන් ගසා කෑ කූට වෙළෙඳුන් 3,500ක් අත්අඩංගුවේ

Admin

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday