
කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා කියයි.
ඊයේ රාත්රියේදී රෝගීන් සිව් දෙනකු වාර්තා වී ඇති අතර අද (23) ආසාදිතයින් පස් දෙනකු වාර්තා වී තිබේ.
මේ වන විට කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව 91 දක්වා ඉහළ ගොස් තිබේ.
අද(23) උදෑසන වන විට අසාදිත පුද්ගලයන් 87 දෙනෙකු හඳුනාගෙන තිබිණි.
කොරෝනා අසාදිත වූ පළමු පුද්ගලයා සුවය ලබා අද (23) අයි ඩී එච් රෝහලෙන් පිටව ගොස් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com