World

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වෛද්‍යවරුන් 9 දෙනකු මියගොස් ඇතැයි පිලිපීන වෛද්‍ය සංගමය අද (26) ප්‍රකාශ කළේය.

රෝහල් ආසාදිතයන්ගේ පිරී ඉතිරී ගොස් ඇතැයි ද කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන ඉදිරිපෙළ වෛද්‍යවරුන්, රෝහල් කාර්යමණ්ඩල සහ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැතැයි ද වාර්තා වේ.

කොරෝනා වයිරසයෙන් පිලිපීනයට සිදුව ඇති බලපෑම නිල වාර්තාවලින් ප්‍රකාශයට පත් කරන තත්ත්වයට වඩා ඉතා දරුණු යැයි ද පැවසේ. නිල වාර්තාවලට අනුව පිලිපීනයෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 38කි.

පිලිපීනයට අයත් ප්‍රධාන දූපත වන ලූසෝන් දූපත මේ වනවිට දෙවැනි සතියටත් ‘ලොක්ඩවුන්’ එනම් සම්පූර්ණයෙන් වසා දමා ඇත. එම දූපතේ මිලියන 55කට ආසන්න පිරිසක් ජීවත්වෙති.

කොරෝනා වයිරසය ආසාදනය වූ නවවැනි වෛද්‍යවරයාද මියගිය බවත් සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බවත් පිලිපීන වෛද්‍ය සංගමය ප්‍රකාශ කළේය.

‘‘අපි මේක හරියට කරන්න ඕනේ. ආසාදිතයන් පරීක්ෂා කරන වෛද්‍යවරුන් කොරෝනා සටනේ ඉදිරිපෙළේ සිටින සියලූම සෞඛ්‍ය සේවකයන් මුලින්ම පරීක්ෂා ඕනෑ. ඔවුන් නැවත නැවත පරීක්ෂා ඕනෑ. ඉන් පසු දවස් හතකින් නැවත පරීක්ෂා කරන්න ඕනෑ. වෛද්‍යවරුන් ද වයිරසය රැගෙන යන රෝග වාහකයන් වෙන්න පුළුවන්’’ යැයි පිලිපීන වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය බෙනීටෝ අටියෙන්සා පැවැසීය.

පිලිපීනයේ මැනිලා අගනුවර තිබෙන විශාලතම රෝහල් තුනට බදාදා වනවිට ප්‍රමාණය ඉක්මවා ආසාදිතයන් පැමිණ ඇති බවත් තවදුරටත් කොරෝනා ආසාදිතයන් එම රෝහල්වලට ඇතුළත් කර නොගන්නා බවත් එම රෝහල්වල බලධාරීහු කීහ.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සැකය නිසා රෝහල් කාර්යමණ්ඩලවල සිය ගණනක් ද මේ වනවිට ස්වයං-නිරෝධායනයට යොමු වී ඇතැයි ද එම බලධාරීහු පැවැසූහ.

Related posts

බෙලරුසියානු විපක්ෂ නායකයා වසර 18ක සිරදඬුවම් ලබයි

colombotoday

ප්‍රංශයේ දී ගුවන් යානයක් මහල් ගොඩනැගිල්ලක ගැටෙයි

Admin

සෞදියේ කොරෝනා ආසාධිත ප්‍රමාණය ඉහලට

colombotoday

ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයි

colombotoday

ISIS නායකත්වය අබු ඊබ්‍රාහීම් අල්-හෂේමි අල්-කුරෙයිෂිට

colombotoday

ට්‍රම්ප්ගේ තාප්පයට මෙක්සිකෝව හරස් වෙයි

colombotoday