Colombo Today Local News

ගෑස් හා කිරිපිටි මිල ඉහළ යන ලකුණු

ගෑස් හා කිරිපිටි මිල ඉහළ දැමීමට කළ ඉල්ලීම් මිල පාලන කමිටුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ගෑස් සමාගම් දෙකක් ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීම් කර ඇති බවයි එම අධිකාරියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට එම සමාගම් ඉල්ලීම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

එමෙන්ම කිරිපිටි සමාගම් කිහිපයක් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 150ත් – 175 ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට ඉල්ලීම් කර ඇති අතර, මේ වනවිට මිල පාලන කමිටුවේ අධීක්ෂණයට යොමු කර ඇති බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

Related posts

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ඇහැළියගොඩට රතු නිවේදන නිකුත් කරේ…

Admin