Colombo Today Local News

ජනපතිගෙන් විදේශ ඇමතිට දොස්මුරයක්…

ශ්‍රී ලංකා ආණ්ඩුව ඉදිරි කාලයේදී ගනු ලබන සියලුම ජාත්‍යන්තර කටයුතුවලට අදාළ තීරණවලට තමන්ගේ පූර්ව අනුමැතිය ගත යුතු යැයි ජනාධිපතිවරයා විදේශ අමාත්‍යවරයාට නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඔහු මෙම දැනුම් දීම කළේ පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී සිය කාර්යාලයට විදේශ අමාත්‍යවරයා සහ විදේශ ලේකම්වරයා කැඳවීමෙන් පසුවය. මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය.

ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කෙරෙන විශේෂ යෝජනාවට අනුග්‍රාහකත්වය දැක්වීමට එහි සිටින ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා තමන්ගේ අනුදැනුමකින් තොරව අත්සන් තැබීම ගැන ජනාධිපතිවරයා මෙහිදී විදේශ අමාත්‍යංශ බලධරයන්ට දෝෂාරෝපණය කර ඇත.

මින් ඉදිරියට තමන්ගේ අනුදැනුමකින් තොරව ජාත්‍යන්තර කටයුතු සම්බන්ධව තීන්දු ගතහොත් තමන් ඊට නිසි ප්‍රතිචාර දක්වන බවද ජනාධිතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

දේශය

Related posts

ආගමන විගමන රාජකාරි සීමා වෙයි

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

“සිරිසේන – වික්‍රමසිංහ හවුලට වැඩ බෑ.. ජනතාව කබලෙන් ළිපට වැටුණා.. උලා කන්නයි දැන් වෙලා තියන්නේ” – ජවිපෙ

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

අයථා ලෙස මෙරටට මුදල් එවන බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර

colombotoday