World

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

ජර්මනියෙන් අඛණ්ඩව තුන්වන දිනටත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (07)දින එරට ආසාදිතයින් 1122 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව කොවිඩ් ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ දිනයේ මියයාමත් සමග ජර්මනියේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9195 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දෛනිකව වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ශක්තිමත් කළ යුතු බව එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

එමෙන්ම වෙනත් රටවල සිට ජර්මනිය වෙත පැමිණෙන පුද්ගලයින් අනිවාර්යෙන්ම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට ද පියවර ගෙන තිබේ.

Related posts

ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 18ක් මරුට

Admin

IS – K මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ලෝක ප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොවිඩ්

colombotoday

ඊශ්‍රායෙල් – හමාස් යුද ගිනිදැල් මැද බොර තෙල් මිල නගී

Admin

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday