Colombo Today Local News

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

මට්ටක්කුලිය ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (02)දින උදෑසන 08.40 ට පමණ මෝදර සිට වත්තල දෙසට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථ දෙකක ගැටී එම අනතුර සිදුවිය. අනතුර සිදුවන අයුරු අසල තිබූ සීසීටීවි කැමරාවල සටහන්ව තිබුණි.

අනතුරින් එක් ත්‍රීරෝද රථයක ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදෙනෙක්.

අනතුරින් අනෙක් ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කළ පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මට්ටක්කුලිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 8ක් ගැසට් කෙරේ

colombotoday

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

ත්‍රිවිධ හමුදා අවි ගබඩා අනුරාධපුර, ඔයාමඩුවට.. ඇමති මණ්ඩල අනුමැතිය හිමිවේ

colombotoday

ජල බිල්පත් නියමිත කාලයේ දි ගෙවීමට පියවර ගන්න

colombotoday