Covid 19

තවත් කොවිඩ් මරණ 4 ක් ගෙවුණු දිනයේදී වාර්තා වෙයි – සමස්ත මරණ සංඛ්‍යාව 87 දක්වා ඉහළට

තවත් කෙරෝනා මරණ 4 ක් ඊයේ(22) දිනයේදී වාර්තා වෙයි.

ඒ අතර පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සිටින අතර සෙසු දෙදෙනා කාන්තාවන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගිය බවයි.

මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නිව්මෝනියා තත්ත්වයයි.

ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී තවත් අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙක් මිය ගිය අතර ඔහු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මරණයට හේතු වී ඇත්තේ නිදන්ගත පෙනහළු රෝගයත් කෝවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වීමයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 84 ක කාන්තාවක් ද ඊයේ දින මිය ගිය අයවලුන් අතර වේ.

ඇයගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමග ඇති වූ නිව්මෝනියා තත්ත්වයයි.

මිය ගිය අනෙක් පුද්ගලයා වයස අවරුදු 75 ක පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත එම පුද්ගලයා මාරුකර යවා තිබුණේය.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගිය අතර මරණයට හේතුව කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ නිව්මෝනියා තත්ත්වයයි.

ඒ අනුව මෙරට කොරොනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 87 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Related posts

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

මග්ගොන ඇතුළු ග්‍රාම නිලධාරී වසම් තුනකට තාවකාලික සංචරණ සීමා

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 1896ක් දක්වා ඉහළට

colombotoday

සියයට 95ක් සාර්ථක කොවිඩ් එන්නතක්

colombotoday

එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලට

colombotoday

ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 121ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් – 27ක් මහනුවරින්

colombotoday