
හොංකොං, කටාර් සහ කුවේට් යන රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 211ක් මෙරටට පැමිණ තිබේ.
ඊයේ (26)දින රාත්‍රී 9.30 ට හොංකොං සිට ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු සහ අද (27)දින අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ලාංකිකයන් 12 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මේ අතර තවත් ගුවන් යානයක් අද අලුයම 2.36 ට කුවේට් සිට පැමිණ ඇති අතර, එහි ශ්‍රී ලාංකිකයන් 157 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.
මොවුන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com