Colombo Today Local News

තොග මිල සිල්ලර මිලට වඩා ඉහළයෑමෙන් සිල්ලර වෙළෙඳුන් සහල් විකිණීම නතර කරති

සහල් තොග මිල සිල්ලර මිලට වඩා ඛෙහෙවින් ඉහල මට්ටමක පවතින හෙයින් සහල් වෙළඳාම මේ වනවිට තාවකාලිව නවතා දමා ඇතැයි පොලොන්නරුවේ බොහෝ සිල්ලර වෙළෙන්දෝ කියා සිටිති.

මේ හේතුවෙන් වෙළඳපොලේ සහල් හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.

වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා පසුගිය සතියේ පොලොන්නරුව දිස්ත්‍රික්යේ මහා පරිමාණ සහල් මෝල් නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරතවූ අතර එම මෝල් හිමියන් සමඟ සිදුකල සාකච්ජාවකින් පසුව රජය මගින් පනවා තිඛෙන තොග මිලට සහල් වෙළඳපොලට නිකුත් කිරීමට මෝල් හිමියන් එකඟවූ බව ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

එහෙත් නාඩු සහල් කිලෝවක තොග මිල තවමත් පවතිනුයේ රුපියල් 105ක් ඉක්මවන මිලක් බවද ඔවුහු ප්‍රකාශ කළහ. පාරිභෝගික සේවා අධිකාරිය මගින් නිකුත් කර ඇති සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 96ක් හෙයින් මෙම තොග මිලට සහල් මිලදී ගෙන විකිණීමට සිදුවන්නේ අනිවාර්යයෙන්ම වැඩි මිලකට බව එම වෙළෙන්දෝ පෙන්වා දෙති. එම නිසා සහල් විකිණීම තාවකාලිකව නවතා දැමීමට තීරණය කල බවද ඔවුහු කීහ.

රජය මගින් පනවා තිඛෙන පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළඳසැල් වටලා එම වෙළෙඳුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

Related posts

සංධානයේ පක්ෂ 5ක් තිලංග සුමතිපාලව එපා කියයි

Admin

හමුදාව භාරයේ තිබූ උතුරේ තවත් අක්කර 1201ක් අද නිදහස් කෙරේ…

colombotoday

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවූ තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

දෙමාපිය අවධානෙන් ගිලිහුණු මස්කෙළියේ සිඟිත්තෙක් ගොම පිරවූ වළකට ඇද වැටී මිය යයි

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday