Colombo Today Local News

දරුවන්ගේ රියැලිටි ෂෝ වලට ළමාරක්ෂක අධිකාරියෙන් වැටක්…

විවිධ ජනමාධ්‍ය ඔස්සේ දරුවන් වෙනුවෙන් සංවිධානය කෙරෙන රියැලිටි වැඩසටහන් සඳහා ඉදිරියේදී ප්‍රමිතියක් හඳුන්වා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තීරණය කර තිබේ.

අදාළ වැඩසටහන් සංවිධානය විය යුත්තේ කෙසේද යන්නත්, එහිදී විනිශ්චය මණ්ඩලයේ හැසිරීම, දරුවන්ගේ ඇඳුම් පැලඳුම් ආදිය පිළිබඳව මෙහිදී නිසි ප්‍රමිතියක් ඇති කිරීමට කටයුතු කරන බව එම අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම්. අබයරත්න මහතා පවසයි.

මෙම වැඩසටහන්වලදී ඇතැම් විට දරුවන්ට අවිනීත ඇඳුම් පැලඳුම්වලින් සරසවන අතර අනවශ්‍ය ස්පර්ශ කිරීම්වලටද දරුවන් යොමු කරවා ගන්නා බවක් පෙනෙන්නට ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ දේවල් තුළින් නොදැනුවත්වම සිදුවන්නේ යම් ආකාරයක අපයෝජනයක් බවද සභාපතිවරයා කීය.

එමෙන්ම ඇතැම් අවස්ථාවල විනිශ්චයකරුවන් දරුවන්ව ඉතා නිර්දය ලෙස විවේචනවලට භාජනය කරන බවත්, එමගින් දරුවා විශාල මානසික කඩාවැටීමකට ලක්වන බවත්, එබැවින් ඉතා ඉක්මණින් මෙම වැඩසටහන් සඳහා යම් ප්‍රමිතියක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවැසීය.

Related posts

මැතිවරණ තියන්නේ අපට ඕන විදිහටයි…

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 27 ක් ගොඩ ගැහිලා

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

colombotoday

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව 1499-1719 කාලයට අයත් බව හෙළිවෙයි

colombotoday