කොළඹ 13 බාබර් වීදියේ දැඩි ලෙස අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් ක්‍රියාත්මක වන බව ජාතික සංවාද කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව පැවසූවේ බාබර් වීදියේ මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් උත්සවය පැවැත්වීමට එරෙහිව අසල මුස්ලිම් පල්ලියේ පිරිස් විසින් ගෙන යන විරෝධතාව සම්බන්ධයෙන් ColomboToday කළ විමසීමක දී. මෙම ගැටුම්කාරී තත්වය පිළිබදව තමන් මුස්ලිම් දේශපාලනඥයන් දැනුවත් කළද ඔවුන් තවමත් මේ සම්බන්ධව ඉදිරිපත් වී නැති බවද ඇමතිවරයා පවසනවා.
ඇමතිවරයාගේ ප්‍රකාශය පහතින්
අදාල අන්තවාදී පිරිසගෙන් කෝවිල් පරිපාලක මණ්ඩලයට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් අද පැවැත්වීමට තිබූ වේල් උත්සවයේ කටයුතුද අත්හිටුවා තිබෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com