Colombo Today Local News

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

පවතින දේශපාලන තත්වය තුළ ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

තමන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීම වෙනුවෙන් යයි ඔහු පවසයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

ඔහු තබා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“අපි කැමති දේවල් අපි කැමති ආකාරයට සිදු නොවේ. දේශපාලනය යනු රැල්ලට එරෙහිව පිහිනීම නොව රැල්ල සමඟ පිහිනා පරිස්සමින් ගඟෙන් එගොඩ වීමකි. දැන් තියෙන දේශපාලන තත්වය තුළ මට මම නම් පෙනී සිටින්නේ ආණ්ඩුවේ බැසිල් පාර්ශවය කොන්දේසි විරහිතව ශක්තිමත් කිරීම වෙනුවෙනි. සිංහල-බෞද්ධ නොවන ජනකොටස් සම්බන්ධව සහනශීලී ප්‍රවේශයක් අවශ්‍ය නම් ප්‍රායෝගික වශයෙන් එය කළ හැක්කේ බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමෙනි. එසේම දහතුන්වන සංශෝධනය තබා ගත යුතුයැයි සිතන අය සිටී නම් ඒ අයට ද ඇති හොඳම විකල්පය බැසිල් ශක්තිමත් කිරීමයි”
– nirmal dewasiri FB

Related posts

පාලන මිලට සහල් නැත්නම් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

අටුළුගම කර්මාන්ත ශාලාවක් ගිනිබත් වෙයි

colombotoday

කොවිෂීල් එන්නත් මාත්‍රා දෙකම ගත් කුරුණෑගල පිරිසකට කෙරෝනා

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති CIDයට

colombotoday

T 56 පතොරම්, ගංජා හා යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් සන්තකයේ තබා ගත් 4ක් අත්අඩංගුවට..

colombotoday

නීති විරෝධීව රට පනින්න ගිය 10 ක් මාට්ටු

colombotoday