Colombo Today Local News

පාසැල් සිසුන් ගැන අවධානයෙන් සිටින්න : මත්ද්‍රව්‍යට ඇබ්බැහි කරවන උපකරණයක් ගැන පොලිසිය දැනුම් දෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කොළඹ, ප්‍රසිද්ධ පාසල් අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා නව උපක්‍රම භාවිත කිරීමට පෙළඹී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය අග්‍රාහණය කළ හැකි “ඉන්හේලර්” උපකරණ පාසල් දරුවන්ට අලෙවි කිරීමට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පෙළඹී ඇති බව ඒ මහතා පැවසීය.

අද (14)දින පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව අනාවරණය කළේය.

පාසල් දරුවන්ගේ දෙමාපියන් පිරිසක් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බවත් එහිදී මෙම ඉන්හේලර් උපකරණයක් රුපියල් 15,000ක පමණ මුදලකට අලෙවි කරන බව අනාවරණය වු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් පාසල් දරුවන් භාවිත කරන උපකරණ පිළිබඳව දෙමාපියන් විශේෂ අවධානයකින් යුක්තව කටයුතු කළ යුතු බවත් ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

රන්ජන්ගේ නැතිවූ උණ්ඩ 23ට සිදුවූ දෙය පොලීසිය සොයයි

colombotoday

එකම දුම්රිය පැය 24ක් තුළ දෙපාරක් පිලී පනියි

Admin

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

ඉන්දියානු ලොරි චැසි බස් වෙනුවට සැපපහසු නවීන බස් රථ 2000ක් යුරෝපයෙන් ගෙන්වයි !

colombotoday

සම්බන්ධන් කඩා පැනීම ගැන පොලිස් පරීක්ෂණවලට සහය නොදෙන්නැයි හමුදා නිලධාරීන්ට ඉහළින් නියෝග !

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin