Colombo Today Local News

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

තමා 2010 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා සමග ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි බවත් ඒ නිසා සමාජයෙන් එල්ල වන එම විවේචනය තමාට අදාල නොවන බව ජනප්‍රිය නිලි ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසයි.

කලාකරුවන් දේශපාලනයට සම්බන්ධ වීම පිළිබඳව සමාජයෙන් එල්ල වන විවිධ විවේචන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසන්නේ පැරෂුට් මෙන් එක්වරම දේශපාලනයට කඩා පැනීම අනුමත කළ නොහැකි බවයි. 

කුඩා කාලයේ සිට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආසාවක් තිබූ බවත්, එම බලාපොරොත්තුව මෙවර ඉටුවන බවද හේවාමද්දුම මහත්මිය පවසයි.

ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ඇය යූටියුබ් නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වීමට බලාපොරොත්තුවක් නොමැති නමුත් අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට සුදුසුකම් ලබන බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 08 න් ආසන 06 ක් පොදුජන පෙරමුණට හිමිවන බවත් ඕෂධී සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයට ප්‍රබල සාධකයක් වූ වියත් මග සංවිධානයේ පළමු සාමාජිකයන් 10 දෙනා අතර තමා සිටින බවත්, ඔවුන් අතර සිටි කලාව නියෝජනය කරන එකම පුද්ගලයා තමා වූ බවත් ඕෂධී හේවාමද්දුම සඳහන් කරයි. එසේම පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ පළමු සාමාජිකයන් අතරද තමා සිටින බව සඳහන් කරන ඇය පවසන්නේ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තමාට සුදුසුකම් පවතින බවයි.

තමා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසු කලාවට වඩා ජනතාවගේ පොදු ප්‍රශ්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බවත්, විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන බවත් ඇය පවසයි.

Related posts

රාජ්‍ය සේවකයන්ට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත්කිරීමට රජයේ අවධානය

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday

ශ්‍රී ලංකා ජාතික කොඩියේ වෙනසක් විය යුතුයි – TNA මන්ත්‍රී කියයි

colombotoday

මංගල සමරවීර “අරුණ” පුවත්පතට පහර දෙයි. දෙරණ බලන්නත් එපා කියයි.

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday