Colombo Today Local News

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

බස්නාහිර පළාත තුළ සාමාජිකයින් 388 දෙනකුගෙන් සමන්විත අපරාධ කල්ලි 25ක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් අදාළ සංවිධානාත්මක අපරාධ කල්ලි තුළ සමාජිකයින් සංඛ්‍යාවෙන් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ 26 දෙනෙක් පමණි.

ඒ අනුව බස්නාහිර පළාත තුළ තවමත් නිදැල්ලේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සංඛ්‍යාව 362 කි.

අද (19)දින පොලිස් මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, රුපියල් කෝටි 110කට අධික මුදලක් අපරාධකරුවන් අතර සංසරණය වී ඇති බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් සහ නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සහ දේපළ සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය නමින් හෙට (20) සිට වෙනම ඒකකයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී අනාවරණ විය.

Related posts

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

Admin

පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ ඉහල නිලධාරියෙකුගෙන් සේවිකාවකට ලිංගික අතවර | කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිලි

colombotoday

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක්

colombotoday

සෞඛ්‍ය ඇමතිට සහ ලේකම්ට ඉවත්වන්නැයි සත්‍යග්‍රහයක් අරඹයි

Admin

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 3කින් පරාදයි

colombotoday