බුද්ධගයාවේ බෝම්බ පිපිරවූ ඉන්දියන් මුජහිඩීන් සාමාජිකයන් පස්‌දෙනාට දඬුවම් නියම කිරීම අද (31දා) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
බිහාර් විශේෂ අධිකරණය මගින් මෙම ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනා වරදකරුවන් බව පසුගිය 25 වැනිදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.
2013 ජුලි 07 වැනිදා බෝම්බ ප්‍රහාර 09 ක් සිදුවූ අතර ටිබෙට් භික්‍ෂුවක් හා සංචාරකයෙක් මෙහිදී තුවාල ලැබූහ.
විනිසුරු මනෝඡ් කුමාර් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com