
බැඳුම්කර කොමිසම හමුවේ දී බොරු සාක්කි ලබාදුන්නැයි කියන සිද්ධියට අදළාව අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) සිට සති දෙකක් ඇතුළත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකක තුන ඉදිරියේ පෙනී සිට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
එම දැන්වීම් වහාම අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ලබාදෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com