Colombo Today Local News

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

මංතීරු නීතිය අද (21) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක වුවද නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව දඩ නියම කිරීමක් හෝ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කිරීමක් සිදුනොකරන බව නාගරික රථ වාහන කොට්ඨාසය පවසයි.

කෙසේ වෙතත් මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන් කැඳවා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව එම කොට්ඨාසය සඳහන් කළේ ය.

කොළඹ සහ අවට මාර්ගවල රථ වාහන තදබදය අඩු කිරීමේ වැඩපිළිවෙළක් ලෙස හඳුන්වා දුන් මංතීරු නීතිය පසුගිය සතිය පුරා පෙරහුරු වැඩසටනක් ලෙස ක්‍රියාත්මක කෙරුණි.

උදෑසන 6 සිට උදෑසන 9 දක්වාත් පස්වරු 4 සිට රාත්‍රි 8 දක්වාත් හයිලෙවල් මාර්ගය, නුවර පාර, ගාලු පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය යන මාර්ගවල මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

මේ අතර ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමකින් තොරව බස් ප්‍රමුඛතා මංතීරුව ක්‍රියාත්මක කිරීම තුළින් එය අසාර්ථක වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අදහස් පළ කළේ ය.

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ, බස් ප්‍රමුඛතා මං තීරු වැඩපිළිවල හරහා බස් කර්මාන්තය දියුණුවන බවය.

Related posts

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

රනිල් බලය රැකගන්න කෝටි ගණන් ණය වී මන්ත්‍රීවරුන්ට වාහන් දීලා….

colombotoday

අයවැය විසර්ජන පනත මැතිසබයට

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

සූර් වෙලා පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට

Admin

ජනවාරි 26ට පෙර ජනපතිට වෙන්න යන දේ ගැන තවත් ආන්දෝලනාත්මක අනාවැකියක් !

colombotoday