Colombo Today Local News

‘මගේ ජාතිය වෙනුවෙන් මා යුතුකම ඉටුකළා‘ – නවසීලන්ත මුස්ලිම් පල්ලියේ වෙඩි තැබූ ප්‍රහාරකයාගෙන් පිටු 74ක ලිපියක්…

නවසීලන්තයේ වේලාවෙන් සිකුරාදා දින සවස 1.30 ට පමණ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක් තුළ සිදුකළ වෙඩි ප්‍රහාර මේ වනවිට ලෝකයේ වැඩිම අවධානය දිනූ පුවත බවට පත්ව තිබේ. Noor mosque හා Linwood Islamic Centre නමැති පල්ලි දෙකට එකවර එල්ල වූ මෙම ප්‍රහාරය නිසා මේ වන විට පුද්ගලයින් 40 දෙනෙක් මිය ගොස් ඇත.

ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදි එක් දේවස්ථානයක් තුල බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් ඇතුළුව 500කට ආසන්න පිරිසක් සිට ඇති අතර අනෙක් දේවස්ථානයේ සිටියේ පනහක් පමණ සුළු පිරිසකි.

සුළු පිරිසක් සිටි Noor mosque දේවස්ථානයට මෙම වෙඩි තැබීම සිදුකල ප්‍රධාන පුද්ගලයා තනිව ඇතුළුවූයේ සිය ප්‍රහාරය සමාජ මාධ්‍ය වෙත සජීවීව යොමු කරමිනි.

28 වියෙහි පසුවන ඕස්ට්‍රේලියානු ජාතික Brenton Tarrant ලෙස ඔහු හඳුනාගෙන තිබේ. ඔහු වීඩියෝව අතර තම මුහුණද පෙන්වා සිටීම විශේෂත්වයකි.

මොහු තනිව එල්ල කළ මෙම වෙඩි වරුසාව පුද්ගලයින් 30 කට ආසන්න පිරිසකට වදින අයුරු වීඩියෝවේද සටහන්වේ. ප්‍රහාරයේ මුලික ඉලක්කය වී තිබෙන්නේ වන්දනාමාන කරන බැතිමතුන් ය.

මෙම ප්‍රහාරය අප්ලෝඩ් කරන ලද වෙබ් අඩවි වල ඔහු ඊට හේතු දක්වමින් පිටු 74ක ප්‍රකාශනයක් පවා මුදාහැර ඇති අතර එහිදි ඔහු කියා සිටින්නේ මෙය ඉස්ලාම් ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ එකක් බවට පෙනියන මුත් ඊට වඩා එහා ගිය අරුතක් මේ තුල ගැබ්වි ඇති බවයි. ඒ සංක්‍රමණික නිතියේ පවතින ගැටළු, ජාතිවාදය සහ සංස්කෘතික ගැටළු මෙම ප්‍රහාරයට හේතුවු තවත් කරුණු බව ඔහු සිය ප්‍රකාශනය මගින් හෙළිකර තිබේ.

‘මා නවසීලන්තයට පැමිණියේ ප්‍රහාරයක් එල්ල කිරිමට සිතා ගෙන නොවෙයි. එහෙත් මට පසුව තේරුම් ගියා මාගේ සැලසුමට හොඳම ස්ථානය මේ රට කියා. ඒ අනුවයි මම අද ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ. බටහිර රටවලට මෙය සංඥාවක් වනවා මෙන්ම මගේ ජාතිය වෙනුවෙන් යුතුකම ඉටු කළා යන හැගීම මා සතුයි’ ප්‍රහාරකයා සිය ප්‍රකාශනයේ සටහන් කර තිබේ.

එමෙන්ම මෙම සිදුවීම නිසා පිරිමි තිදෙනෙක් සහ එක් කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙයි. මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

මෙම සිදුවීම නිසා පොලිසිය විසින් ඒ අසල සිටි මිනිසුන්ට නිවෙස් තුලම රැදී සිටින ලෙසට දන්වා තිබෙන අතර මේ පිළිබදව නවසිලන්ත පොලිස් කොමසාරිස්තුමන් වන Mike Bush විසින් පවසා තිබෙන්නේ මෙම වෙඩි තැබීම නිසා ජිවිත හානි රැසක් සිදු වී තිබෙන බවටත් මුස්ලිම් පුද්ගලයින්ට අද දින පල්ලි වලට තම ආගමික කටයුතු කිරීමට නොයන ලෙසටත් දන්වා තිබෙන බවටයි.

ඒවගේම නවසිලන්ත අගමැති Jacinda Ardern මෙම සිදුවීම පිලිබදව ප්‍රකාශ කර තිබෙන්නේ අද සිදුවූ වෙඩි තැබීම් එරට අඳුරුතම දිනයක් සලකුණු කරන බවටයි.

ඔහු වෙඩි තැබීම සිදු කිරීමට පෙර යුධ ඇදුමකින් සැරසි යුධ තොප්පියක් ද පැළද let’s get this party started යනුවෙන් ප්‍රකාශකර මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

Related posts

අමාරුවෙන් හම්බකරපු සල්ලිවලින් Kwidයක් ගන්න ඉන්නවනම් දෙපාරක් සිතා බලන්න !

colombotoday

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

පුහුණුව ලැබූ තවුහීද් ජමාද් ත්‍රස්‌තයෝ 160 ක්‌ රට පුරා – මුලින්ම හෙළි වුණේ වනාතවිල්ලූවේ ත‍්‍රස්ත පුහුණු කඳවුර වැටලීමෙන්.!

colombotoday

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday

බස් ගාස්තුත් සංශෝධනය වෙයි

Admin