Colombo Today Local News

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

මොණරාගල දී මව විසින් ඇලකට විසිකිරීමට උත්සහ කළ මාස හතරක බිළිඳියක් ප‍්‍රදේශවාසීන් බේරාගෙන තිබෙනවා. පසුව පොලිසිය මැදිහත්වී එම බිලිඳිය රෝහල්ගතකරනු ලැබුවා.

මොණරාගල කච්චේරිය හන්දියේ ඇලට මාස හතරක් පමණ කුඩා දැරියක් විසිකරන්න උත්සහ කර තිබුණේ ඊයේ සවස් කාලයේ. ඒ සිද්ධිය මුලින්ම දැක තිබුණේ කච්චේරිය හන්දියේ වෙළඳසැලක සිටි අයෙක්. පසුව ඔහු ඒ පිළිබඳ අවට සිටි අය දැනුවත් කිරීමෙන් අනතුරුව දරුවා බේරාගැනීමට ඒ අය එම ස්ථානයට පැමිණ තිබුණා.

දරුවා පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් නිලධාරිනියක් මේ දරුවා නහවා පිරිසිදු කිරීමට කටයුතු කළා. පොලිසිය තුළදී බිළිඳියට ආදරය වගේම මව්කිරි ද ලැබුණා.

පොලිසිය කළ සොයාබැලීමකදි අනාවරණය වි තිබුණේ මේ බිළිදියගේ මව මානසික රෝගයකින් පෙළෙන බවයි. මේ බිළිදිය මොණරාගල රෝහලට ඇතුල් කරන්න පොලිසිය මේ වෙනකොට කටයුතු කර තිබෙනවා.

Related posts

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin

අලි එලවන දවස මහින්ද ගල්ගමුවේදී කියයි

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්… වරෙන්තු අවලංගු කර නඩුව මුල සිට කැදවයි…

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

colombotoday