
මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ අනුව සෑම පොලිස් කොට්ඨාශයකටම කැමරා ලබා දුන් බවයි.
යම් අයුරින් නීතිවිරෝධී ක්‍රියාවක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වීඩියෝ සාක්ෂි ලෙස මෙය යොදා ගන්නා බවයි ජේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කර සිටියේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com