Colombo Today Local News

මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණයයි

මහජනතාව තුළ නොමැති ජාතිවාදයක් පාලකයන් රට තුළ ගොඩනගා ඇති බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේගය සංවිධාන කළ ආර්ථික සමුළුවක් ඊයේ (23)දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණි.

එහිදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

වසර 30ක යුද්ධයකින් පීඩාවිඳි රටක් නැවත වසර 5ක් යනතුරුවත් ගැටුමකින් තොරව පවත්වාගෙන යාමට මෙරට පාලකයින්ට නොහැකි වු බවත් සියල්ල අසාර්ථක වු තැන පාලකයින් යළි යළිත් ජාතිවාදය නැමැති මඩ ගොහොරුවේ සැඟවෙන බවත් ඔහු එහිදී පැවසීය.

පොදු ජනතාව තුළ ජාතිවාදය නැති අතර මෙරට ඇත්තේ දේශපාලන ජාතිවාදයක් පමණක් බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

Related posts

පොලිසියේ හයිය තියේයැයි කයිය ගසා කේර ගංජා වික්ක ශ්‍රීලනිප යේ හිටපු මන්ත්‍රී

colombotoday

ඓතිහාසික වරදක් නිවැරදි වෙයි.. කැප්පෙටිපොළ ඇතුළු 18ක් ජාතික විරුවන් ලෙස නම් කෙරේ

colombotoday

හොරණ තල්ගහවිල ප්‍රදේශයේ වෙඩිතැබීමක්

Admin

විවෘත මාධ්‍ය වැඩමුළුවක් 25 දා කොළඹදී !

colombotoday

මිලදී ගත් තවත් ෆයිසර් එන්නත් තොගයක් දිවයිනට

colombotoday

සෝභිත හිමියන්ගේ සැක කටයුතු අපවත්වීම ගැන වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරන්න.. අධිකරණය අවසර දෙයි !

colombotoday