29 C
Colombo
28 May 2025
Colombo Today Local News

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

මෙරට දී වාර්තා වූ සමස්ත කොවිඩ් 19 අසාදිතයින් සංඛ්‍යාව මේවන විට 2674 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (15) දිනය තුළ තවත් ආසාදිතයින් 09 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

කෙසේ වෙතත් ඒ අතරින් කන්දකාඩු ආසාදිත පොකුරට අදාළ ව හමුවී ඇත්තේ එක් ආසාදිතයෙකු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

බඹරදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය සඳහා යොමුකර සිට තිබේ.

ඒ අතරින් පුද්ගලයන් සිව්දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි පුද්ගලයින් වන අතර අවසන් ආසාදිතයින් තිදෙනා ද මේ අතරට අයත්ය.

සෙසු සිව්දෙනා කටාර් රාජ්‍යෙය් සිට මෙරටට පැමිණ තිබුණි.

මේ අතර කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් මේවන විට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊයේ දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 09 දෙනාත් සමග මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 662 දක්වා ඉහළ ගොස් ඇත.

වෛරසය අසාදිතව සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 2001ක්.

Related posts

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

Admin

රටේ එලවලු පලතුරු අවශ්‍යතා නිල වශයෙන් හදුනාගැනිමට සංගණනයක්

colombotoday

ධම්මිකගේ කොවිඩ් පැණිය ට ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය

colombotoday

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

මිලියන 25ක කුඩු සමග අබ්දුල් රහුමාන් අත්අඩංගුවට

colombotoday