Colombo Today Local News

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

මේ වන විට  රට තුළ සිටින විදෙස් සංචාරකයින්ට  රටේ පවතින වත්මන් තත්ත්වය තුළ අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මේ වන විට විදේශ අමාත්‍යාංශය හා අදාළ තානාපති කාර්යාල සමඟ කටයුතු කරමින් සිටින බව එම අධිකාරිය අද (26) පැවසීය .

සංචාරකයෝ 18,093 ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටිති.
  
ඒ ඒ සංචාරකයින්ට තම රටවල් වෙත යාමට අවශ්‍ය කටයුතු රජය විසින් සලසා  ඇති අතර,  විදෙස් සංචාරකයින් සඳහා සත්කාරකත්වය සපයන සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නෙකු නම්, ගුවන් තොටුපල ප්‍රවාහනය සඳහා සංචාරකයින්ට සහාය වන්නැයිද සංචාරක අධිකාරිය එම සංචාරක සේවා සපයන්නන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

කටුනායක  ගුවන්තොටුපළට යාමට ප්‍රවාහන පහසුකම් සොයා ගත නොහැකි සංචාරකයින් සදහා සහන සැලසීමට ළගම ඇති පොලිස් ස්ථානය හෝ ශ්‍රී ලංකා සංචාරක හදිසි ඇමතුම් අංක 1912 අමතන්නැයි  සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පැවසීය .

දැනට රටේ පවතින ඇඳිරි නීතිය හේතුවෙන් වැඩබලන පොලිස්පතිවරයා විසින් ගුවන් ටිකට් පත මගීන්ට මෙන්ම වාහනයට සහ රියදුරාට ඇඳිරි නීති කාලයේ අවසර පත්‍රයක්ලෙස භාවිතා කිරීමට අවසර ලබාදී තිබෙන බවද එම අධිකාරිය පෙන්වා දේ.

රට තුළට ගුවන් පැමිණීම් අත්හිටුවනු ලැබුවද, සියලු පිටත්වීම් සඳහා අවසර ඇති අතර, ශ්‍රීලංකන් ගුවන් සේවය එක්සත් රාජධානිය, මෙල්බර්න් සහ නරිටා වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බවද සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඕනෑම රටකට ඔවුන්ගේ පුරවැසියන් නෑවත ගෙන්වා ගැනීමට  පහසුකම් සැලසුම් කර ඇති බවද එම අධිකාරිය කීය.

Related posts

‘ගෝල්ෆේස් පිරෙව්වා.. හැකිනම් මැතිවරණය පවත්වන්න‘ – ආණ්ඩුවට මහින්දගෙන් අභියෝගයක්

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

Admin

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

අද විදුලිය කප්පාදු කෙරෙන කාලසටහන මෙන්න

Admin

මල්වතු හිරිපිටිවල හිමි නමක් ඝාතනය කිරීම සම්බන්දයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin

තුන්වැනි කොවිඩ් රැල්ල ලබන වසරේ මුල

colombotoday