
ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
මේ බව එම විදුහලට මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් දැනුම්දී තිබේ.
අදාල සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලා සේවය කරමින් සිටියසදී වෛරසය ආසාදනය වී ඇත.
ඉන් පසු ඇයට සිදු කල කොරෝනා පරීක්‍ෂණයකින් ආසාදිත බව හෙලිවී තිබේ.
ඒ හේතුවෙන් ඇය ඉගෙනුම ලැබූ විදුහලේ 12 ශ්‍රේණිය සිසුවියන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com