Colombo Today Local News

රන්දෙණිගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට ගුවන් හමුදා සහය

රන්දෙණිගල ජලාශය ආසන්නයේ කීර්තිබණ්ඩාරපුර ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශයක ගින්නක් හට ගෙන තිබේ.

ගින්න ඊයේ (29) දින රාත්‍රීයේ හටගෙන ඇති අතර, ගින්න මැඩපැවැත් වීමට මේ වන විට ගුවන් හමුදාවේ සහය ලබා ගෙන තිබේ.

ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර යානාවක් මේ සඳහා යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් ගුවන් හමුදාවෙන් කළ ඉල්ලීමක් අනුව ගින්න නිවීමට හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත.

බම්බි බකට් ආධාරයෙන් ගින්න ඇති වු ස්ථානයට ඉහළින් මේ වන විට ගුවන් හමුදාව ජලය හෙළීමට කටයුතු කරමින් සිටී.

Related posts

පාර්ලිමේන්තු සභාව නොවැම්බර් 19 දා පස්වරු 1 දක්වා කල් තැබෙයි

colombotoday

ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

පිළිකා රෝගී නැන්දම්මාට පහර දෙන මහනුවර ප්‍රධාන පෙළේ පාසල් ගුරුවරිය

Admin

අවලෝකිතේශ්වරට ඇප

Admin

මහපොළ ශිෂ්‍යත්ව ආධාර මුදල් නිකුත් කරයි

Admin

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

colombotoday