Colombo Today Local News

රාමසාන් උපවාස සමයේ මුස්ලිම් ජනතාවට සෞදියෙන් තෑග්ගක්…

පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිබෝජනය සඳහා සවුදි රජය විසින් ලබා දුන් රට ඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබා දෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු එම්.එච්.අබ්දුල් හලීම් මැතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ සවුදි තානාපති අබ්දුල් නාසීර් බිල් හුසේන් අල්හාරිස්ති මහතා සමග පැවැත් වූ  සාකච්ඡාවකින් අනතුරුව එතුමා නිල වශයෙන් දැනුවත් කල බව පැවසීය.

ඉකුත් වසරේදී රාමසාන් උපවාස කාලය  අවසාන භාගයේදී රට ඉදි ලැබුන නමුත් මෙවර නියමිත කාලයට ප්‍රථමයෙන් එම තොග ගෙන්වා ගැනීමට තමා බලාපොරොත්තු වන බවද අමාත්‍ය තුමා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක මලික් මහතා, ගරු අමාත්‍යතුමන්ගේ පෞද්ගලික ලේකම් ෆාහිම් මහතා ඇතුළු පිරිසක් සහබාගි වූහ.

Related posts

“පාක්ෂිකයන් මහින්ද සමගයි.. මහින්ද එක්කර නොගත්තොත් ශ්‍රීලනිපයේ පරාජය නියතයි” දිලුම් අමුණුගම

colombotoday

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

රට හෙල්ලූ නාමල් කුමාර පොහොට්ටුවෙන් මැතිවරණයට…

colombotoday

පිරවුම්හලක කලහකාරී ලෙස හැසිරුණු 13ක් යතුරු පැදි 20ක් සමග අත්අඩංගුවට

colombotoday

හෙරොයින් රැගෙන පියයි සැමියයි බලන්න ගිය කතක් අත්අඩංගුවට

Admin

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday