Colombo Today Local News

වයෝවෘද්ධ ටිකිරා ඇතින්න මහනුවර පෙරහැරට සම්බන්ධ කරගත් හේතුව කියයි

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න සුවවි  ඒ සදහා වු භාරය ඔප්පු කිරිමට මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේ විශ්ණු දේවාලයේ පෙරහැරට සම්බන්ධ  කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය මගින් ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාර තරයේ හෙළා දිකින බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පවසයි.

විෂ්ණු දේවාලයේ පෙරහැර සදහා අලි ඇතුන් 18 ක් පමණ  සහභාගි වන බවත් එයින් එක් අලියෙකු සම්බන්ධව අසත්‍ය ප්‍රචාරයන් කරනවා විනා අනික් තරුණ අලි ඇතුන් ගැන සුභවාදි ප්‍රචාරයන් ගෙන නොයන්නේ මන්ද ගැන සකයක් පහළ  වන බවද  හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා පැවසීය.

මේ සම්බන්ධව ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා මෙසේ පැවසීය,

“ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍ය  මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍යයි. මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පමණයි ටිකිරා ඇතින්න  ගමන් කළේ. පසුගිය වසරේ පෙරහැරෙන් පසුව  ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06ක පමණ කාලයක් පීඩා වින්දා.  

ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ වුණා  සුව ඌ පසු දළඳා පෙරහැරේ ගමන් කරවන බවට රෝගය සුව වීමෙන් පසු රන්දෝලි පෙරහර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක්වූ බවත් එම භාරය ඔප්පු කිරිමට මෙලෙස සතා පෙරහරට එක් කළේ  යැයිද  ටිකිරා ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා පැවසීය.

ඇතින්නට ප්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝමීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම්දී තිබෙනවා. කරුණු නොදැන සමාජ මාධ්‍ය මගින් වැරදි ප්‍රචාර ගෙන යෑම පිළිකුලෙන් යුතුව මම හෙළා දකින බවද . එල්.එල් තිලකරත්න මහතා සඳහන් කළේය.

හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

මෙම සතා තිලකරත්න මහතා විසින් පෙරහරට සම්බන්ධ කරනු ලැබුවේ කිසිදු මුදලක් අය නොකර යි. එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන් ගෙන් කළ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාලය මගින් එතුමාට ලබාදීලා  තිබෙන්නෙ.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ඇතෙකු, අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍ය තත්ත්වය පිළබඳව සෑහීමකට පත්වුවහොත් පමණයි.

මෙම ඇතින්න පෙරහරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව. ඒ සදහා වෛද්‍යවරුන් පෙරහැරට කලින් විශාල පිරිසක් බලනවා  ඒ සම්බන්ධව. ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් විලංග දැල මහතාත් සොයා බලන බවද ධම්සිරි මහතා කිය.

මේ අතර මෙම ඇතින්න සිවුවන රන්දෝලි පෙරහරට  සම්බන්ධ කර නොගන්නා බව මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහතා තමන්ට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කීය.

Related posts

මහඇමති නාටකයෙන් හෙළි වූ යහපාලන නිරුවත !

colombotoday

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන දැනුම්දීමක්

colombotoday

මල්වතුහිරිපිටිය හිමි නම නිධන් මැණිකක් ලබාගැනීමේ අරමුණින් ඝාතනය කරලා සියල්ල හෙලි වේ

Admin

දුම් වැටියට 15% වැට් බද්දක්.. එකක මිල රුපියල් 45 පනී

colombotoday

සියළුම වතු කම්කරුවන් කුඩා තේවතු හිමියන් බවට පත්කරනවා!

colombotoday