Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් ගැටෙයි.. නියාමකයෙක් රෝහලේ

වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙකුට එම බන්ධනාගාරයේ කොමසාරිස්වරයෙකු විසින් පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (28)දින රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරී කටයුතුවල නිරතව සිටි අදාළ නියාමකවරයා සහ බන්ධනාගාර කොමසාරිස්වරයා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් කොමසාරිස්වරයා විසින් නියාමකවරයාට පහරදී ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන), චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

පහරකෑමට ලක් වු නියාමකවරයාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත්කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

Related posts

සුජීව සේනසිංහ මෙන්ඩිස් සමාගමෙන් මුදල් ගෙන ඇත්තේ මැතිවරණයට පසුවයි. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්?

colombotoday

දීකිරට බළලුන්ගෙන් සාක්කි.. “චාවකච්චේරි බෝම්බ දකුණේ වැඩක්.. උතුරේ කොහෙද කොටි” – සිවාජිලිංගම්

colombotoday

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

colombotoday

“සුද්දෙක් එළිපිට බොනව දැක්කොත් අහක බලා ගන්නවා අයිසේ” ඇමති ජෝන්ගෙන් පොලීසියට උපදෙස්

colombotoday

ජමාත්තේ ඉස්ලාමි ත්‍රස්ත නායකයා අත්අඩංගුවට ගත්තේ සාක්ෂියක් නොමැතිවයි. ඔහුව අපේ සමාජයට මුදාහරින්න – මුජබර් රහුමාන් කියයි

colombotoday

ජනපති නියමයෙන් අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 195 ක්

colombotoday