ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය ස්ථිර කර නොතිබූ සේවකයන් පිරිසක් පැවැත්වූ විරෝධතාව විසුරුවාහැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළේය.
එම සේවකයන් පිරිස ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉවත්කිරීමට ගත් තීරණයට විරෝධය පළකරමින් ඔවුන් ලේක්හවුස් වටරවුම ආසනනයේ චිත්තප්ලම් ඒ ගාඩ්නර් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධයක කිරත විය.
මේ අතර රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක්ද අද කොළඹදී විරෝධතාවක නිරත වූ අතර ඔවුන් ජනාධිපති කාර්යාලයට ඇතුළුවීමට උත්සහා දැරීමේදී ජල ප්රහාර එල්ල කර පලවාහැර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com