
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ආමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලෙස ඉල්ලමින් සකස් කෙරුණු විශේෂ ලිපියක් අද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට සුදානමින් සිටින බව වාර්තා වෙනවා. මෙලෙස තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන මන්ත්‍රීවරු පිරිසක්ය.
මෙම ලිපිය එජාප මන්ත්‍රීවරු 71 දෙනකුගෙන් 51 දෙනෙක්ම අත්සන් තබා ඇති බව පැවසෙනවා.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්,
ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු.
info@colombotoday.com / colombotoday.com@gmail.com