Colombo Today Local News

සම්බා – කැකුළු – නාඩු සහල් උපරිම මිල නියම කරයි

සහල් නිෂ්පාදකයන් සහ සහල් මෝල් හිමියන් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් පාරිභෝගික අධිකාරිය විසින් නියම කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික අධිකාරිය විසින් ඊයේ (04)දින රාත්‍රියේ නිකුත් කරනු ලැබීය.

එම ගැසට් නිවේදනයට අනුව සුදු සහ රතු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, සුදු සහ රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් ද, නාඩු කිලෝවක් සඳහා රුපියල් 92ක උපරිම මිලක් සහ සුදු හා රතු කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 89ක මිලක් ද නියම කර තිබේ.

සහල් නිෂ්පාදකයන් සහ මෝල් හිමියන්ට එම උපරිම මිල ගණන්වලට වඩා වැඩි මිලට සහල් වෙළෙඳාම් කිරීම එමගින් තහනම් කර ඇත.

Related posts

අද ඉන්ධන ලබා ගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

සජිත්ගේ පස්සේ යන්න තරම් යූඇන්පී කාරයෝ අහිකුණ්ඨිකයෝ නෙවෙයි – වජිර

colombotoday

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් 1148ක් දක්වා ඉහළට

colombotoday

ප්‍රභාකරන්ගේ මස්සිනා, සිවාජිලිංගම්ගේ අණට CID ය නැවෙයි !

colombotoday

යාපනයේ දේව මෙහෙයක් පැවැත්වූ පාස්ටර්ට කොරෝනා ආසාදනය වෙලා – දේව මෙහෙයට සහභාගී වූවන්ට නිවේදනයක්

colombotoday

’’මාව සෞඛ්‍ය ඇමැති කළේ නැත්තටම නැති කරන්න’’ – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin