Colombo Today Local News

සහල් ආනයනය නොකිරීමට රජය තීරණය කරයි !

සහල් ආනයන නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.
 
වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති නමුත් සහල් ආනයනය නොකිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බව ජනාධිපති ලේකම්වරයා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇත.
 
මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති අතර, එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
 
වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් ලබාදීමට රජය තීරණය කර ඇති අතර වී මිලදී ගැනීම සඳහා ද රජය මගින් වැඩපිළිවෙළක් සකස් කර ඇත.

Related posts

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday

එජාප ඇමතිලා 20කගේ “TOP 20“ දූෂණ වංචා ලිපිගොණු ජනපති කොමිසමට…

colombotoday

ලක්ෂ 20 ක මත්කුඩු සමඟ දෙදෙනකු වරාගොඩදී අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගයේ කිසිවෙක් ඩීල් දැමීමට සුදානමක් නෑ- හැරිසන්

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

බොරතෙල් ආනයන කිරීමේ මාස 7ක කොන්ත්‍රාත්තුව UAE සමාගමකට

colombotoday