Colombo Today Local News

සාමනේර හිමිවරුන්ට පහරදුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගර ගත කෙරේ

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු හොරොව්පතාන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

අදාළ සකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කළ බව සදහන්.

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් අයෙක් බව පොලීසිය සඳහන් කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සාමනේර හිමියන් දෙදෙනා මේ වන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය ප්‍රකාශ කළා.

Related posts

විමල් අද ඇමතිකමක දිවුරයි… ලැබෙන ඇමතිකම මෙන්න…

colombotoday

හදිසි නීතිය වැඩ අරඹයි.. සමාජ ජාලා ඉලක්ක වේ.. ක්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

colombotoday

ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ගන්නේ නෑ

Admin

“අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ…” – විපක්ෂ නායක කියයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday

වැඩට එන්න.. ඉල්ලීම් දෙන්නම් – තැපැල් සේවකයන්ට ඇමති දන්වයි !

colombotoday