Colombo Today Local News

හිජාස් හිස්බුල්ලා – මුලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම කල්දැමේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 23 වන දා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

එම පෙත්සම අද (16)දින එල්. ටී. බී. දෙහිදෙනිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණයට දන්වා සිටියේ, අත්අඩංගුවේ පසුවන නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට අදාළ නඩු කටයුත්ත අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බවය.

අද දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් වන කරුණු සලකා බලා මෙම පෙත්සම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන්නැයි පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම ලබන 23 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

Related posts

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

පැය 9කට පසු පාස්කු කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපු ජනපතිගේ නිවසින් පිටව යයි

colombotoday

බතලගොඩ වී පර්යේෂණ ආයතනය දෙදිනක් ජනතාවට විවෘත වෙයි

Admin

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

colombotoday

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

colombotoday