Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් දැලේ පැටලෙයි

හෝමාගම පොලිස් වසමේ ප්‍රගති මාවත ප්‍රදේශයේ දී හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09)දින උදෑසන 8.50ට පමණ මෙම වැටලීම සිදුකර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 35යි මිලිග්‍රෑම් 640ක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ත්‍රිරෝද රථයකින් සැකකාරියක් හෙරොයින් ජාවාරමක් සිදුකරන බවට ලද තොරතුරක් මත කටුවාන පාරේ දී ත්‍රීරෝද රථය නවතා රියදුරු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

සෝදිසි කිරීමේ දී සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 37යි මිලිග්‍රෑම් 140 ක් සොයා ගෙන තිබේ.

සැකකාරියගේ ප්‍රකාශය මත ඇයගේ නිවස පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 43යි මිලිග්‍රෑම් 430ක් සහ රුපියල් 170,600ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 43, 23 ක් සහ 24 වයස්වල පසුවන කොළඹ 10 හා හෝමාගම ප්‍රදේ‍ශ යන්හි පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

හෝමාගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

සම්බාහන මුවාවෙන් බස්නාහිර ගණිකා නිවාස 356ක්

colombotoday

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

අධික වර්ෂාවෙන් කොළඹ යටවේ – කුණු කාණු නඩත්තු නොකිරීම හේතුවයි

colombotoday

නෞකා දෙකකින් ගෑස් ගොඩබෑම අරඹයි

colombotoday

“මට වැරදුණා.. මෛත්‍රීටත් වැරදුණා” – 2015 ගෙදර යන්න වුණ හේතුව මහින්ද කියයි

colombotoday

ප්‍රභූ රථපෙලට විරෝධය දැක්වූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday