Colombo Today Local News

අගමැති අද සිය ධුරයේ වැඩ බාරගනී

අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11)දින සිය ධුරයේ වැඩ බාරගැනීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා සිව් වන වරටත් පසුගිය 09 වන දින අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

මේ අතර නව කැබිනට් මණ්ඩලය හෙට (12)දින මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේ දී දිවුරුම්දීමට නියමිතය.

ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයක් මහනුවර මගුල් මඩුවේ දී දිවුරුම් දෙන පළමු අවස්ථාව මෙය වේ.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිතව තිබේ.

අමාත්‍යාංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කෙරිණි.

අමාත්‍යාංශ සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අණපනත් සඳහන් කර එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

Related posts

හමුදා සාමාජිකයින්ට සිදුවූ අවමානය නිවැරදි කර වන්දි ගෙවනවා

colombotoday

”කාර් එකේ කිසි ම සීරීමක් නැහැ. පහරදීමට ආ සිසුන් අයිස් භාවිත කළාදැයි සැකයි” – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

Admin

සුජීව සේනසිංහ බැදුම්කර මගඩි චූදිතයන් වෙනුවෙන නොනැවතී සටනේ (Video)

colombotoday

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin

පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව අධ්‍යයනය කිරීමේ අනු කමිටුව අද පළමු වරට රැස්වේ

colombotoday

අස්වැසුම අහිමිවූවන්ගේ විරෝධතා හා අභියාචනා භාර ගැනීමට අද සිට විශේෂ කවුළු

Admin