World

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

ඉන්දියාව, චීනය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගම් 18ක් කොවිඩ් -19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට එක්වී තිබේ.

ඔවුන්ගේ අරමුණ වන්නේ එම එන්නත අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාව වෙත ලබාදීමය.

එම සමාගම් “Medicines Patent Pool” ලෙස හැඳින්වෙන ලාභ නොලබන සංවිධානය යටතේ එක්වී තිබේ.

මේ වනවිට ජර්මනියේ බයෝ එන් ටෙක් සමාගම සහ අමෙරිකාවේ ෆයිසර් සමාගම් එක්ව කොවිඩ් එන්නතක් නිපදවා ඇති අතර එය රටවල් කිහිපයක 43,500ක් පමණ ජනතාවක් යොදාගෙන අත්හදාබලා තිබේ.

එහි මුලික ප්‍රතිඵල අනුව එම එන්නත 90%ක් පමණ සාර්ථක බව වාර්තා වේ.

Related posts

ඩොලර් 240,000ක් වටිනා Ferrari කාරය විනාශවුණු දරුණු අනතුර (VIDEO)

colombotoday

හියිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි.. උතුරු කොරියාව හෙල්ලෙයි

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday

කොවිඩ් ඩෙල්ටා පැතිරවූ ඉන්දියාවෙන් ළමුන්ගේ මොළය හැකිළෙන තවත් වෛරසයක්

colombotoday

ඉන්දුනීසියාවේ Banda Sea කලාපයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු අඟවයි

Admin