Colombo Today Local News

අන්තර්ජාල සේවා සමාගම්වල බාල වැඩක් හෙළිවෙයි !

මෙරට අන්තර්ජාල සේවා සපයන ඇතැම් සමාගම් සිය පාරිභෝගිකයන්ට ලබා දීමට නීතියෙන් බැඳී සිටින අන්තර්ජාල වේගයන්ගෙන් (Deta Speed) හරි අඩකටත් වඩා වැඩි වේග ප්‍රමාණයක්වත් ලබා නොදෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමය පෙන්වා දෙන්නේ මෙම වරද නිවැරදි කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද කටයුතු නොකරන බවයි.

තෙරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන ආකාරයට ඔවුන් සිදුකර ඇති අධ්‍යයනයකදී අනාවරණය වී ඇත්තේ අන්තර්ජාල සේවාවන් සපයන ඇතැම් සමාගම් රාත්‍රී 12 න් පසුව ලබා දෙන දත්ත (Nihgt time Data) සඳහා වන වේගය මන්දගාමී කිරීමක් සිදුකරන බවයි.

පාරිභෝගිකයන් සමග ගිවිසුමකින් බැඳී සිටින අන්තර්ජාල සේවා සපයන සමාගම් මෙලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ඩිජිටල් ලෝකය ජය ගැනීම සඳහා යන ගමනට විශාල බාධාවක් බවත්, එම සංගමය ප්‍රකාශ කරයි.

එම නිසා මෙම සමාගම් නියාමනය සඳහා කටයුතු කරන බලධාරීන් වහාම මීට මැදිහත් විය යුතු යැයිද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලීමක් කරයි.

Related posts

චන්ද්‍රිකා පිළ දරුණු වෙයි… කොළඹදී සමුළුවක් තබා සජිත්ට සහය දීමට තීරණය කරයි !

colombotoday

යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වාර්තා ගත අස්වැන්නක්

Admin

පොල් මිල පාලනයට නව වැඩපිළිවෙලක්

colombotoday

නිවුන් දරුවන් බිහි කළ මව වේදනාව දරා ගන්න බැරුව මිය ගියාද?

Admin

සජබෙ කොළඹ දැවැන්ත උද්ඝෝෂණයක

colombotoday

13 වැඩක් නැ උතුරු නැෙඟනහිර ද්‍රවිඩ නිජබිමට ස්වයං පාලනය අරන් දෙන්න – ගජේන්ද්‍ර කුමාර් ඉන්දීය විදේශ ඇමැතිගෙන් ඉල්ලයි

colombotoday