Colombo Today Local News

අනුරාධපුර ගුවන් හමුදා කදවුරට පහර දුන් කොටි ත්‍රස්තයන් දෙදෙනට වසර 10ක සිර දඩුවම්…

ගුවන් යානා 16කට අර්ධ හා පූර්ණ හානි කරමින් රුපියල් කෝටි හාර සියයකට අධික අලාභයක් සිදුකරමින්, ආරක්‍ෂක අංශ සාමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් කරමින් යුද සමයේදී අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කඳවුරට ගුවනින් හා ගොඩබිමින් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධවූ එල්.ටී.ටී.ඊ.ත‍්‍රස්ත සංවිධානයේ හිටපු කොටි සාමාජිකයන් දෙදෙනකු, චෝදනා දෙකට වරද

පිළිගැනීමෙන් අනතුරුව දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දහයක සිර දඬුවමක් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (16දා* නියම කළේය.

මෙසේ සිර දඬුවම් නියමවූයේ කුලන්කඩි වීදිය, වැව පාර, සංගාතෙයි, යාපනය ලිපිනයේ පදිංචි පුරුසෝත්තමන් අරවින්දන් නොහොත් සෙම්පරදී හා මයිලඩි, උතුර කන්කසන්තුරේ, ලිපිනයේ පදිංචි රාසවල්ලවන් තබෝරූබන් නොහොත් කඩල්වෙන්ගෙයි යන චූදිතයන්ටයි.

අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරට පහරදීම සඳහා වර්ෂ 2006 නොවැම්බර් මස 01 වැනිදා සිට 2007 වසරේ ඔක්තෝබර් මස 22 වැනිදා දක්වා රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක නිරතවීම හා ගුවනින් හා ගොඩබිමින් පහරදී ගුවන් යානා රැුසකට අලාභ හානි සිදුකර ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් මරණයට පත්කිරීම යන අධි චෝදනාවන්ට විත්තිකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගනු ලැබූහ.

චෝදනා දෙකට, වසර පහ බැගින් බරපතල සිර දඬුවම් නියමකළ විනිසුරුවරයා එම සිර දඬුවම් වසර පහකින් එකවර ගෙවීයන ලෙස නියම කරන බව විවෘත අධිකරණය හමුවේ පැවසුවේය.

වර්ෂ 2007 ඔක්තෝබර් මස 21 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 24 දෙනකුට ආසන්න පිරිසක් අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කඳවුරට ගුවනින් හා ගොඩ බිමින් එල්ලකළ දැවැන්ත ප‍්‍රහාරයෙන් කඳවුරේ නවතා තිබූ රුපියල් කෝටි 400ක් පමණ වටිනා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දහයක් සම්පූර්ණයෙන්ම විනාශ කර, තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර, ආරක්‍ෂක අංශ සාමාජිකයන් 14 දෙනකු ඝාතනය කර තිබුණි.

ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ප‍්‍රහාරක එම්.අයි 24 වර්ගයේ හෙලිකොප්ටර් යානා, බෙල් 12 වර්ගයේ හෙලිකොප්ටර්, ප‍්‍රහාරක ගුවන් යානා, පුහුණු ගුවන් යානා 10 ක් විනාශවී තිබූ අතර තවත් ගුවන් යානා හයක්, ප‍්‍රහාරවලින් අර්ධ වශයෙන් හානි සිදුවී තිබුණි.

හදිසි ප‍්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා වව්නියා කඳවුරේ සිට අනුරාධපුර ගුවන් හමුදා කඳවුර දෙසට පියාසර කළ බෙල් 212 වර්ගයේ ගුවන් යානයකටත් ත‍්‍රස්තවාදීන් සාලියපුර ප‍්‍රදේශයේ සැඟවී සිට ආර්.පී.ජී.රෝකට් ප‍්‍රහාරයක් එල්ලකර තිබූ අතර එම යානය දොරමඩලාව ගම්මානයට කඩවැටී විනාශයට පත්විය. යානය පැදවූ ගුවන් නියමුවා අවිකරු ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් සිවු දෙනෙකු එම ප‍්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්විය.

කඳවුර තුළ සිදුවූ දරුණු වෙඩි ප‍්‍රහාරයන් හමුවේ ගුවන් හමුදා බළඝන නායකවරයෙකු ඇතුළු තවත් නිලධාරින් පිරිසක් ජීවිතක්‍ෂයට පත්වූ අතර යුද හමුදා විශේෂ බළකායේ නිලධාරින් කඳවුරු භූමියට ඇතුළුවී එල්ලකළ දැවැන්ත ප‍්‍රහාරයෙන් කළු කොටි යනුවෙන් හඳුන්වන ත‍්‍රස්තවාදීන් 22 කට ආසන්න ප‍්‍රමාණයක් ජීවිතක්‍ෂයට පත්විය.

විත්තිකරුවන් දෙදෙනා 2008 වසරේදී කොළඹ පිහිටි ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා වසර දහයක පමණ කාලයක් අඛණ්ඩව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටියහ. විත්තිකරුවන් වරද

පිළිගැනීම සහ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි කාලය සැලකිල්ලට ගනිමින් සිර දඬුවම නියම කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

මිහින්තලේ – රංග චතු

දිවයින

Related posts

අයවැයෙන් රටේ මූලික ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් නැහැ… වැඩපිළිවෙළක් නැති පුස්සක්

Admin

සිමෙන්ති මිල රු. 500 කින් ඉහළට

colombotoday

දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලා

Admin

නව ත්‍රස්ත විරෝධී පනත ගැන අධ්‍යනයට නීතිඥ සංගමයෙන් කමිටුවක්..

Admin

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday