Colombo Today Sports News

අපි බලාපොරොත්තු අතහැර නැහැ – ඇන්ජලෝ මැතිව්ස්

පරාජිත පාකිස්ථාන් සහ ඉන්දීය ක්‍රිකට් තරගාවලි දෙක අවසානයේ නැවතත් ක්‍රිකට් ගැන කතාබහ කිරීමට අවස්ථාව උදා වී තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ ටෙස්ට්, එක්දින සහ 20 – 20 තරගාවලියකට එක්ව තිබෙන බැවිනි.

අවසන් පාකිස්ථාන් හා ඉන්දීය තරගාවලි දෙකම අපි පරාජයට පත් වුණේ පිතිකරුවන්ගේ දුර්වලතා නිසයි. අපට මේ ඉදිරි තරගාවලියේ දී ඒ ගැන වඩාත් අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ඉන්දීය තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ මාවන් අතපත්තු ඉල්ලා අස්විය. මේ පුරප්පාඩුව තවමත් පුරවා නොමැති අතර දැනට ජොරොම් ජයරත්න වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මාවන් අතපත්තු ඉල්ලා අස්වීමත් සමඟම ඇති වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට බංග්ලාදේශයේ පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහගේ නම කිහිප විටෙකම කියැවුණු නමුත් චන්දික හතුරුසිංහ එම ප්‍රචාරයට තිත තබමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ තමා කිසිම විටෙක රාජකාරි ගිවිසුමක් ගැන කතා නොකළ බවයි.

මේ අතර හතුරුසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැන්නකි.හැමෝම කැමතියි තමන්ගේ රටට සේවය කරන්න. ඒ වුණාට මේ ඒකට වෙලාව නෙවෙයි. මම මේ වෙලාවේ කරන රාජකාරිය සම්බන්ධයෙන් සතුටින් ඉන්නේ. බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයත් මේ වෙලාවේ මගෙත් එක්ක බොහෝම තෘප්තිමත්ව කටයුතු කරනවා.

මේ දිනවල ඔස්ට්‍රේලියානු කණ්ඩායම බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්ව සිටින අතර හතුරුසිංහ එකී තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පහුගිය තරගාවලි කිහිපය මෙන්ම ඔස්ට්‍රේලියානු තරගාවලියත් සාර්ථකව අවසන් කර ගැනීමට අවධානය යොමු කරන බවය.

බටහිර ඉන්දීය කොදෙව්වන් ලංකාවේ දින 44 ක සංචාරයකට එක් වන්නේ ටෙස්ට් තරග දෙකකට එක්දින තරග තුනකට සහ 20 – 20 තරග දෙකකට සහභාගි වීමටය. බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් වරට මෙරට ටෙස්ට් තරගාවලියකට එක්වූයේ 2010 – 11 දීය. තරග තුනකින් සමන්විත වූ එකී තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. අවසන් තරගය පල්ලේකැලේ පැවැති අතර එහිදී මුලින් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කණ්ඩායමේ මුල් ඉනිම හෝ අවසන් කර ගැනීමට නොහැකි වූයේ එම තරගය වර්ෂාවට සේදී ගිය බැවිනි.
2015-10-04_143238

Related posts

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු කණ්ඩායමෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

යුපුන් අබේකෝන්ගෙන් මීටර 100 නව දකුණු ආසියානු වාර්තාවක්

colombotoday

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරගය අද

Admin

සුපිරි පැසිපන්දු ක්‍රීඩාක කෝබේ සහ දියණිය ගුවන් අනතුරකින් මරුදකී.. ඇමරිකාව කම්පා වෙයි !

colombotoday

ගෝල් ග්ලැඩියේටර්ස් පරාජය කළ ජැෆ්නා ස්ටැලියන්ස් LPL ශූරතාවය දිනා ගනී

colombotoday

ක්‍රීඩා විසා යොදාගෙන පුද්ගලයින් ඔස්ට්‍රේ­ලි­යා­වට පට­වන ජාවා­ර­මක් රු. ලක්ෂ 13 බැගින් අරන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 70ක් ගෙන්වලා

colombotoday