Colombo Today Local News

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

සංචාරක ව්‍යාපාරය මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් මෙරට තුළ නිර්මාණය කිරීම තම අපේක්ෂාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කෑගල්ලේ ඊයේ(07) පස්වරුවේ පැවති  ජනරැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු කනක හේරත් මහතා කියා සිටියේ, මත්තල වී ගබඩා කර තිබු ගුවන් තොටුපල ආසන්නයේ ගුවන්යානා විශ්වවිද්‍යාලයක් ගොඩනැඟීමට අදාළ යෝජනාවක් ගෝඨාභය මහතා සිය ප්‍රතිපත්තියට ඇතුළත් කර ඇති බවයි.

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකිණීමට කටයුතු කරන නමුත් බිලියන 2 කට වඩා වැඩි ලාභයක් ලබා ගත වැඩපිළිවෙලක් තම රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

මත්තල ගුවන් තොටුපල දකුණු ආසියාවේ ඇති හොඳම ඉංජිනේරු නඩත්තු ඒකකය එතැනට ගෙන ගොස් තරුණයින් දහස් ගණනකට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ, රනිල්, සජිත් හා මංගලගේ ඊනියා ජීනිවා ගිවිසුම අවලංගු කළ හැකි ජනාධිපතිවරයෙක් පත් කළ හැකි එකම මඟ වන්නේ ගෝඨාභය මහතා දිනවීමෙන් පමණක් බවයි.

විමල් වීරවංශ මහතා රැළිය අමතමින් කියා සිටියේ, කාන්තන්කුඩිවල මුස්ලිම් ජනතාව සහරාන්ලා ගැන පොලීසියට පැමිණිලි කරන විට එහි සිටි ස්ථානාධිපතිවරයාට මාරු වීමක් ලබා දුන්නේ වත්මන් ආණ්ඩුව බවයි.

කබීර් හෂීම්ගේ මහතාගේ ලේකම්වරයා මාවනැල්ලේ බුදුපිළිම විනාශ කරන විට ත්‍රස්තවාදීන්ගේ තොරතුරු ලබා දුන් බැවින් සහරාන්ගේ ගෝලයෝ ලේකම්වරයාට වෙඩි තබා ගිය බවද මෙහිදී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

නමුත් සහරාන්ගේ වෙඩිපහරින් තුවාල ලැබු ලේකම්වරයා රෝහලේ සිටියත් හකීම් මහතා කිසි දිනක ඔහු බලන්න ආවද යනුවෙන් ප්‍රශ්න කර සිටි වීරවංශ මහතා, රවුෆ් හකීම් මෙරට මුස්ලිම් ජනතාව පවා දුන් බවත් පැවසීය.

අද අන්තවාදය මොන නමකින් පැමිණියත් එය පැරදවිය හැකි නායකයෙක් බව පැවසු වීරවංශ මහතා එය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, අද වන විට ජනතාවගේ අතේ මුදල් නොමැති බවයි.

ජනතාවට ආර්ථික ගැටළු රැසක් ඇති වුවත් ආණ්ඩුවට එය එතරම් දෙයක් නොවන බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව ආපු දිනයේ සිට පළිගැනීම් සිදු කළ බවත් පැවසීය.

පින්නවල ප්‍රදේශයේ සත්තෝද්‍යානයක් සෑදීමට අදහස් කළ බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා ඒ සියල්ල අද විනාශ කර ඇතැයි ද කියා සිටියේය.

තම රජයක් බලයට පැමිණ සිදුකරනු ලබන ප්‍රධානතම කටයුත්තක් වන්නේ, පින්නවල ප්‍රදේශය සංචාරක කලාපයක් බවට පත් කිරීම බවද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

සංචාරක කේෂ්ත්‍රය රට තුළ විශාල වශයෙන් රැකියා උත්පාදනය කළ හැකි අංශයක් වන බව පැවසු ගෝඨාභය රාජපක්ෂ මහතා, ඒ සඳහා රජයක් මැදිහත් විය යුතු බවත් කියා සිටියේය.

අද වන විට ඉන්දියාවේ සිට චීනය දක්වා විශාල වශයෙන් මධ්‍යම පාන්තිකයන් රටින් රටට සංචාරකයන් ලෙස ගමන් කරනු ලබන බව පැවසු ඒ මහතා, මෙවැනි රටවල ලංකාව ප්‍රචලිත කළ යුතු බවත් පැවසීය.

මිලියන 7ක් වැනි ඉලක්ක ගත සංචාරයකින් පිරිසක් හා ඩොලර් බිලියන 10 ක ආර්ථිකයක් කරා ඉතා පහසුවෙන් ළඟා විය හැකි බවත් පැවසු ගෝඨාභය මහතා, ඒ සඳහා රජය මැදිහත් විය යුතු බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බවත් ඒ තුළින් රැකියා උත්පාදනය වන බවත් කියා සිටියේය.

Related posts

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් මෙරටට

colombotoday

මෙරට වරායන් සංවර්ධනයට යුරෝපීය නවීන තාක්ෂණික සහය බෙල්ජියමෙන්

Admin

සිවාජිලිංගම් ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි

colombotoday

හිට්ලර් පාලනයක් බිහිවෙනවට මං විරුද්ධයි.. පක්ෂෙන් ඉවත්වී දිවි පුදා සටන් කරනනවා – වෙල්ගම

colombotoday

නව ව්‍යවස්ථා සම්මන්ත්‍රණයේ ගාලගෝට්ටියක්.. වික්‍රමබාහුට දැඩි විරෝධය (Video)

colombotoday

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday