World

අමෙරිකාව තුළ TikTok තහනම් කිරීමට ගත් ට්‍රම්ප්ගේ තීරණය අත්හිටුවයි

අමෙරිකාව තුළ ඊයේ (12)දින රාත්‍රියේ සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබූ TikTok තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ.

එය ක්‍රියාත්මක කළේ නම් TikTok මෙවලම එරටදී බාගත කිරීම තහනම් වීමට නියමිතව තිබුණි.

අමෙරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව තම තීරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ මෑතකදී ෆිලඩෙල්පියා අධිකරණයක් ලබාදුන් තීන්දුවකි.

එම අධිකරණ තීරණය ලබාදී ඇත්තේ TikTok ග්‍රාහකයින් තිදෙනෙක් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය. ඔවුන් පවසන්නේ TikTok එරට තහනම් නොකළ යුතු බවය.

එම තීරණය එරට සිටින මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට සහනයක් බව සඳහන් වේ.

TikTok හිමිකාරීත්වය ඇත්තේ චීනයේ බයිට්ඩාන්ස් නම් සමාගමට ය. එම සමාගම පසුගිය සැප්තැම්බර් මාසයේදී වෝල්මාර්ට් සහ ඔරකල් සමාගම් සමග එකඟතාවයකට එළැඹුණි. ඒ, අමෙරිකාවේ ඇති TikTok වත්කම් TikTok ග්ලෝබල් නම් නව සමාගමක් යටතට පත්කිරීමටයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට යම් එකඟතාවයක් දැක්වුවද TikTok සමාගම පසුගියදා පැවසුවේ මාස දෙකකින් පමණ එම යෝජනාවට අමෙරිකානු රජයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවය.

TikTok අමෙරිකානු සමාගමකට විකිණිය යුතු බව ජනාධිපති ට්‍රම්ප් ගේ මතය විය.

ඔහු සහ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ සැමවිටම පවසන්නේ TikTok භාවිත කරනු ලබන තම රටේ පුද්ගලයින්ගේ තොරතුරු චීන රජය ලබාගන්නා බවය.

නමුත් ඒ සඳහා සාක්ෂි නැත. එසේම TikTok සමාගමද එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

Related posts

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

colombotoday

පලස්තීන භූගත මාර්ග පද්ධතියට ඊශ්‍රායලය ගුවන් යානා 160 කින් පහර දෙයි.

colombotoday

තුන් හැවිරිදි අයියාගේ වෙඩි පහරින් නැගණිය මිය යයි

Admin

‘සෙල්මන් බෝයි’ ගේම් ඇප් එකට එරෙහිව සුපිරි ​බොලිවුඩ් නළු සල්මාන් ඛාන් උසාවි යයි

colombotoday

COVID-19 චීනයේ වුහාන් විද්‍යාගාරයෙන් කාන්දු වී ඇති බවට ඇමරිකාවේ වාර්තාවක් නිගමනය කරයි.

colombotoday

ඉස්ලාම් සත්ව බිලි පුජාවට ඉර්ෆාන් ඛාන් ගෙන් කනේ පාරක්

colombotoday